
හිටපු ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා, එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ අපනයන සඳහා පනවා තිබූ තීරු බද්ද 20% දක්වා අඩු කිරීමට හැකිවීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සන්සුන් හා ප්‍රායෝගික නායකත්වය පැසසුමට ලක් කර තිබේ.
මෙම අදහස් පළ වී ඇත්තේ ඉංග්‍රීසි පුවත්පතක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදීය.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, කලාපයේ අනෙකුත් රටවල් තීරු බදු සහන ලබා ගැනීම සඳහා ගුවන් යානා වැනි දැවැන්ත මිලදී ගැනීම්වලට එකඟ වූ නමුත්, ශ්‍රී ලංකාව එවැනි කිසිදු පොරොන්දුවක් නොදී මෙම ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වූ බවයි.
මෙම තත්ත්වය, රටට ලැබුණු විශාල ජයග්‍රහණයක් ලෙස හිටපු අමාත්‍යවරයා විසින් අර්ථ දක්වා ඇත.




