
මැදපෙරදිග කලාපයේ ජීවත් වන සහ සේවය කරන මිලියනයක පමණ ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා රජය ඉහළම ප්‍රමුඛතාවයකින් කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය අවධාරණය කරනවා.

පවතින කලාපීය අස්ථාවරත්වය සැළකිල්ලට ගනිමින් මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඉතාමත් සුරක්ෂාකාරීව කටයුතු කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය දැඩි ලෙස උපදෙස් ලබාදෙනවා.
මැද පෙරදිග කලාපයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා අනුගමනය කළ යුතු උපදෙස් පිළිබඳ දැනුවත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කළා.
ඒ වෙනුවෙන් අමාත්‍යංශය විශේෂ උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබෙනවා.
ඒ අනුව විශ්වාසදායක දේශීය මාධ්‍ය සහ සත්කාරක රටේ නිල නිවේදන අනුව කටයුතු කරන ලෙසයි එම නිවේදනයේ උපදෙස් ලබාදී තිබෙන්නේ.
එමෙන්ම අත්‍යාවශ්‍ය නොවන සංචාර සහ විශාල මහජන රැස්වීම් වලට සහභාගී නොවිය යුතුයි.
ළගම ඇති ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලය සමග නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වන ලෙසට ද දැනුවත් කෙරෙනවා.
ජංගම දුරකතන සෑම අවස්ථාවකදීම චාර්ජ් කර තබාගැනීම අත්‍යාවශ්‍ය වන අතර සෑමවිටම වලංගු හැදුනුම්පත් හා ලේඛන ළග තබාගන්නා ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය උපදෙස් ලබාදෙනවා.
අවශ්‍ය අවස්ථාවලදී සහාය ලබාදීම සඳහා කලාපයේ සියලුම ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි දුරකතන අංක සක්‍රීයකර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ඥාතීන් සිදුකරන විමසීම් සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකතන අංක කිහිපයක් ද හඳුන්වාදී තිබෙනවා.
ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කාර්යාලය / විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ක්ෂණික දුරකතන අංක ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකියි.
මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය ලබාදෙන උපදෙස් සම්බන්ධයෙන් අවදානය යොමුකරන ලෙසට ද දැනුවත් කෙරෙනවා.
මේ අතර කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නිකුත් කරන උපදෙස් සහ අනතුරු ඇඟවීම් පිළිබඳ අවධානය යොමු කරමින් සුරක්ෂිතව සිටින ලෙස කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කුවේටි හි සිටින සියලුම ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.
අනවශ්‍ය ගමන් බිමන් අවම කරමින් තම ජංගම දුරකතන සෑම අවස්ථාවකදීම චාර්ජ්කර තබා ගැනීම අත්‍යාවශ්‍ය බවද තානාපති කාර්යාලය දැනුම් දෙනවා.
එමෙන්ම කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සම්බන්ධ වීමට විශේෂ දුරකතන අංක කිහිපයක්ද හඳුන්වා දී තිබෙනවා.
- 96565845646 වටිස්ඇප් සහිත
+96566503544 වටිස්ඇප් සහිත
+96525354611 ස්ථාවර ඇමතුම් පමණයි
එමෙන්ම හදිසි අවස්ථාවන්වලදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සම්බන්ධවීමටද අංක කිහිපයක් හඳුන්වාදී තිබෙනවා.
- 94719802822
1989
තහවුරු නොකළ සහ නිල නොවන පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීමෙන් වළකින ලෙසද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉල්ලීමක් කරනවා.
මේ අතර බහරේන්හි සිටින ශ්‍රී ලාංකිකයින්ට එම තානාපති කාර්යාලයද දැනුම් දෙන්නේ බහරේන් නිලධාරීන් නිකුත් කරන උපදෙස් හා අනතුරු ඇගවීම් පිළිබඳ දැඩි අවධානය යොමුකර සුරක්ෂිත ස්ථානයක රැඳී සිටින ලෙසයි.
අවශ්‍ය අවස්ථාවලදී සම්බන්ධ වීමට බහරේන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද දුරකතන අංක කිහිපයක් ලබා දී තිබෙනවා.
33530290 Whatssapp
ජී එම් ඩී තරංගිකා මහත්මිය
- 973 35 97 02 90 /+973 35106301
ගෝතමී මහත්මිය
+973 33 71 28 75
මේ අතර සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයන්ට ද එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හදිසි නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේ නිල තොරතුරු සම්බන්ධයෙන් පමණක් විශ්වාසය තබන ලෙසයි.
සෞදි අරාබි රජය මෙන්ම රියාද්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති සහ ජෙඩාහි කොන්සල් ජෙනරාල් කාර්යාල නිකුත් කරන උපදෙස් අනුව කටයුතු කරන ලෙසද ඉල්ලීමක් කෙරෙනවා.
ආරක්ෂක උපදෙස් නිකුත් කර ඇති ප්‍රදේශවලට ගමන් කිරීමෙන් වැළකී සිටින ලෙසද සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දෙනවා.
සියලු ගමන් ලේඛණ සහ හඳුනාගැනීමේ පත්‍ර ළග තබා ගැනීම අත්‍යවශ්‍ය වන අතර ආරක්ෂාව සහ සුබසාධනය සැපයීම සඳහා තානාපති කාර්යාලය පැය 24 පුරා ක්‍රියාත්මක දුරකතන අංක හඳුන්වා දී තිබෙනවා.
- 966 54 947 75 67 / +966 56 982 27 00
වට්සැප් හෝ කෙටි පණිවුඩ /+966 56 975 33 80




