
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කොළඹ ජාතික රෝහලට පැමිණ තිබෙනවා.
ඇය එසේ පැමිණියේ හිටපු ජනපති බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සමඟ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා. ඔවුන් පැය දෙකකට වැඩි කාලයත් රෝහලේ ගත කළ බව තහවුරු කළ ආරංචි මාර්ග මගින් කියැවෙනවා.
මේ වන විට දැඩි ලෙස පිළිකා රෝගයෙන් පීඩා විඳින මෛත්‍රී වික්‍රමසිංහ හිටපු ජනපති ආර්යාව තම රෝගී තත්ත්වය හා සෙනෙහෙබර ස්වාමි පුරුෂයා ළඟ නැති අඩුව පිළිබඳව සංවේගයෙන් යුතුව කළ හෙළිදරව්වක් ඊයේ සමාජ මාධ්‍ය කළඹා තිබුණා.




