
පළාත් පාලන මැතිවරණය පවත්වා මාස හතරක කාලයක් ගතව ඇතත් දිවයින පුරා පළාත් පාලන ආයතන 20ක් සඳහා සභිකයන් 33දෙනකු තවමත් නම් කර එවා නැතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක පවසයි.
එම පුරප්පාඩු 33 අතරින් 23 දෙනකුම කාන්තාවන් බව ද ඒ මහතා කියයි.
මේ අතර දිවයින පුරා පළාත් පාලන ආයතනවල පවතින පුරප්පාඩු 33න් 12ක්ම ගාල්ල දිස්ත්රික්කයේ බවද වාර්තා වෙයි.




