
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුකරය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මේ වන විට විභාග වෙමින් තිබෙනවා.
එහිදී, ඇප ඉල්ලීම ඉදිරිපත් කරමින්, ප්‍රථමයෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන කරුණු දක්වමින් සඳහන් කළේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ විගණන නිලධාරියාට විගණනය කිරීම සඳහා බලයක් නොමැති බවයි.
මේ සම්බන්ධව සිදු කළ වියදම් සියල්ල ජනාධිපති වැය ශීර්ෂය යටතේ වන බැවින්, ඒ සඳහා ජාතික විගණන කාර්යාලය සිදු කළ විගණනයේදී කිසිදු අවභාවිතයක් සිදු වී නොමැති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ජනාධිපති නීතිඥ තිලක් මාරපන වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හෘද වස්තුවේ ප්‍රධාන ධමනි හතරෙන්, තුනක් අවහිර වී ඇති බව ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම, හිටපු ජනාධිපතිවරයා කලක පටන් වකුගඩු රෝගී තත්ත්වයකින් පෙළෙන බවත්, හෘද වස්තුවේ පටක මියයාමක් මෙන්ම පෙණහලු ආසාදනයක්ද මේ වන විට පෙන්නුම් කරන බවයි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ.
මේ වන විට නීතිඥවරුන් තවදුරටත් කරුණු දක්වමින් සිටින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.




