
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වැලිකඩ බන්ධනාගාරයේ එන් වාට්ටුවටද අතුරලියේ රතන හිමියන් ජී වාට්ටුවටද ඇතුළත් කර ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත් චන්දන වීරසිංහ මහතා පැවසීය.
රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරෙන රජයේ සේවකයන් රඳවනු ලබන්නේ එන් වාට්ටුවේ බවද ඔහු සඳහන් කළේය.
බන්ධනාගාර වෛද්‍යවරු මේ දෙදෙනාගේම සෞඛ්‍ය තත්වය පරීක්ෂා කරමින් සිටිති.

අපේ ජන බලපක්ෂයේ මහලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් ඇහැරගෙන ගොස් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් අතුරලියේ රතන හිමියෝ නුගේගොඩ මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය විසින් ලබන 12 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබූහ.
කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබා දී රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාස දෙකකට අධික කාලයක් තිස්සේ අධිකරණය මගහැර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් ලබන මස 9 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබීය.