
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.
ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් රාජධානියේ සංචාරය සහ එම සංචාරය සඳහා රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහාය.
වික්‍රමසිංහ මහතාට වුල්වරැහැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් ලැබුණු ආරාධනා පත්‍රය ‘ව්‍යාජ එකක්’ බවට වූ චෝදනාවට පිළිතුරු දීම සඳහා සමන් ඒකනායක මහතා තවත් සාක්ෂි ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
හිටපු ජනාධිපතිවරයාට සහ හිටපු ජනාධිපති ආර්යාවට, මෙන්ම එක්සත් රාජධානියේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාට ආමන්ත්‍රණය කරන ලද ආරාධනා පත්‍ර දෙකක්ද ලැබී ඇති බව වාර්තා වේ.

වික්‍රමසිංහ මහතාගේ නීතිඥවරයා විසින් වුල්වරැහැම්ප්ටන් විශ්වවිද්‍යාලය වෙත යොමු කරන ලද විද්‍යුත් තැපෑලකට පිළිතුරු වශයෙන්, විශ්වවිද්‍යාලය විසින් හිටපු ජනාධිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලද ආරාධනයේ සත්‍යතාව තහවුරු කර ඇත. මෙම ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
වික්‍රමසිංහ මහතාගේ නීතිඥවරුන් විසින් එම අවස්ථාවට හිටපු ජනාධිපතිවරයා සහ ජනාධිපති ආර්යාව සහභාගී වූ බව තහවුරු කරන රැස්වීම් වාර්තා ද ලබාගෙන ඇති බව වාර්තා වේ.
එහිදී, වුල්වරැහැම්ප්ටන් නගරාධිපති, ආචාර්ය මයිකල් හාඩක්රේ, විසින් ජනාධිපතිවරයා, ජනාධිපති ආර්යාව, සහ එක්සත් රාජධානියේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාගේ පැමිණීම පිළිබඳව ස්තුතිය පළ කර ඇත.




