
රටේ සංවර්ධන කටයුතු වේගයෙන් බිම් මට්ටමේ ක්‍රියාත්මක කරවීම සඳහා රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට කැබ් රථ දෙදහසක් ගෙන්වීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ උත්සව සභාවක් අමතමිනි.
“බිම්මට්ටමේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න නම් විශේෂයෙන්ම පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට ඒ ගම්මට්ටමට යන්න අවස්ථාව හදන්න ඕනේ. නිලධාරීන්ට යන්න එන්න අවස්ථාවක් හදන්න ඕනේ. වාහන ටික ඕනේ. යන්ත්රසූත්ර ටික ඕනේ ඒ නිසා අපි තීන්දුවක් ගත්තා නව රජය විසින් ලබන වසරේ පළාත් පාලන ආයතන තුළ විතරක් නෙමෙයි මේ රටේ සෑම ආයතනයකම ප්‍රධානීන්ට යන්න එන්න ප්‍රවාහන පහසුකම් සඳහා කැබ් රථ 2000ක් ලබන අවුරුද්දේ මුල් කාර්තුවේ ගෙන්වනවා. එතකොට ක්ෂේත්රවල යන නිලධාරීන්ට පහසුවෙන් යන්න පුළුවන්කම තිබෙයි. ඊළඟට පළාත් පාලන අයාතනවල වැඩ ටික ගම් මට්ටමේ ක්‍රියාත්මක වෙන කොට බෑකෝ යන්ත්‍රයක් වැනි යන්ත්‍ර ඕනේ. ඒ නිසා අපි දැනටමත් මුදල් වෙන්කරලා තිබුණා මේ අවුරුද්දේ සැලකිය යුතු ප්‍රමාණයක් ගේනවා. ලබන අවුරුද්දේ බලාපොරොත්තු වෙනවා මේ හැම පළාත් පාලන ආයතනයකටම මේ තිබෙන අවශ්‍යතා සම්පූර්ණ කරගන්න මූලික දේවල් ටික ලබාගන්න. එතකොට අපි හිතනවා රටේ සංවර්ධන කටයුතු ටික වේගයෙන් බිම්මට්ටමේ ක්‍රියාත්මක කරන්න පුළුවන්.”




