
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ‘තාරේ සමීන් පර්’ (Taare Zameen Par) බොලිවුඩ් චිත්‍රපටය පෙන්වීමට කටයුතු කරන ලෙස සභානායක බිමල් රත්නායක මහතා ඊයේ දින පාර්ලිමේන්තුවේ කලා හා සංස්කෘතික කටයුතු පිළිබඳ කමිටුවෙන් ඉල්ලා සිටියේය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
චිත්‍රපටය නැරඹීමෙන් පසු තමාට සහ තම බිරිඳට විශාල බලපෑමක් ඇති වූ බවත්, එය දරුවන්ගේ අවශ්‍යතා පිළිබඳව සිතීමට තමන්ව පොලඹවූ බවත් අමාත්‍යවරයා පැවසීය.
“ළමයින් ගැන සංවේදී නොවන මන්ත්‍රීවරු මේ චිත්‍රපටය නැරඹිය යුතුයි. එසේ නොමැති නම්, ඔවුන්ට DVD පිටපත් ලබා දෙන ලෙස මම යෝජනා කරනවා,” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.




