
තමන්ගේ දරුවා ඉලක්ක කරගනිමින් ප්‍රචාරය කෙරෙන අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.
සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් ඇමතිවරයා මේ බව පවසා ඇත.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
පහතින් දැක්වෙන්නේ එම සටහනයි.
“මාගේ පාසල් යන දරුවා ඉලක්ක කර ගනිමින්,
දේශපාලන උවමනාවන් මත සංසරණය වන සාහසික මඩ ප්රචාරයට එරෙහිව,
හෙට දින මා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කරමි.
සමන්ත විද්‍යාරත්න”




