
ගල්කිස්ස අධිකරණ භූමියේදී නීතිඥවරයෙකුට පහරදුන් බවට පැවසුනේ නීතිඥවරයකුට අසභ්‍ය ලෙස බැනවදිමින් සාපරාධී බලහත්කාරය පෑ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු සම්බන්ධවය. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
පොලිස් කණ්ඩායම් නිවාස තුනකට ගියද, එම ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා සොයාගැනීමට නොහැකි වූ අතර, ඔහු අධිකරණය සහ පොලිසිය මගහැර සිටින බවද සඳහන් විය. ඔහු කඩිනමින් අත්අඩංගුවට ගැනීමට කටයුතු සිදුකරමින් පවතින බවද පොලිසිය පැවසීය.
අධිකරණ භූමියේ බන්ධනාගාර බස් රථයකට ඉඩ ලබාදීම සදහා නීතිඥවරයෙකුගේ මෝටර් රථය ඉවතට ගෙන යාමේදී, එම නීතිඥවරයා සහ පොලිස් කොස්තාපල්වරයෙක් අතර බහින්බස්වීමක් ඇතිව තිබුණි.




