
කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති ඉරාන ජාතික නාවිකයන් 84 දෙනොගේ මළ සිරුරු ඉරාන තානාපති කාර්යාලයට බාර දෙන ලෙස ගාල්ල මහේස්ත්රාත් සමිර දොඩන්ගොඩ මහතා කරාපිටිය ජාතික රෝහලේ අධ්යක්ෂවරයාට අද නියෝග කළේය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මහේස්ත්රාත්වරයා මෙම නියෝගය කරණු ලැබුවේ ගාල්ල වරාය පොලිසිය විසින් කරණ ලද ඉල්ලිමක් සළකා බැලිමෙන් පසුවය.
කරාපිටිය රෝහලේ මෘත ශරිරාගාරයේ මෙම මළ සිරුරු 84 තැන්පත් කිරිමට පහසුකම් නොමැතිවිම නිසා අධිශිකරණ දෙකක් පිටතින් ගෙන්වා ඒවායේ මළ සිරුරු තැන්පත් කර ඇත.




