
රේගු පරීක්ෂාවකින් තොරව බහලුන් 323ක් නිදහස් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් කිසිදු නිලධාරියෙකු වරදකරු වී ඇත්නම් ඔවුන්ට අනිවාර්යෙන්ම දඬුවම් ලබා දෙන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූ විශේෂ කමිටුවක වාර්තාව විපක්ෂ මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේදීය.
මෙම කමිටුව පත්කර තිබුණේ වත්මන් ආණ්ඩුව විසින් බවත්, මහ බැංකු සිද්ධිය වැනි සිද්ධීන් සඟවා තැබීමට කිසිදු උත්සාහයක් නොකළ බවත් අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේය.
කමිටු වාර්තාව මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූයේ සතුටක් ලෙස පිළිගනිමින්, එය තවම රජය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති බවද ඔහු පැහැදිලි කළේය.
ඉදිරියේදී වාර්තාව ජනාධිපතිවරයාට භාරදී, සුදුසු නීතිමය ක්‍රියාවලි මගින් අවශ්‍ය පියවර ගන්නා බවත්, වැරදිකරුවන්ට නීත්‍යානුකූල ලෙස දඬුවම් ලබා දෙන බවත් අමාත්‍යවරයා විශ්වාසය දක්වා ප්‍රකාශ කළේය.
තවද තමන් තවමත් මෙම වාර්තාව නැරඹීම සිදුකර නොමැති බවත්, මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ තොරතුරු නිවැරදි නම් අනිවාර්යෙන්ම වැරදිකරුවන්ට දඬුවම් ලබා දෙන බවත් ඔහු අවධාරණය කළේය.
මෙම අදහස් පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා විසින් පළ කරන ලදී.