
ලෝක ආර්ථික සමුළුවේදී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ඉදිරිපත් කළ භාෂා කුසලතාවයේ අඩුපාඩු ගැටළුවක් නොවන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.
පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමාගේ කතාව ආරම්භයේදී තේරෙන්නේ හරියට මූල්‍ය ක්රමෝපායන ප්රකාශනය , වර්තමාන ආණ්ඩුවෙ initiative එකක් වගේ. ඇත්තටම fiscal strategy statement එක ඉදිරිපත් කරන්නේ 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරන පනතේ 11 වැනි වගන්තිය අනුව . ඒක සම්මත වෙලා තියෙන නිසා තමයි මේක කරන්නේ. ඒක හොඳයි. ඒක නරකයි කියලා මම කියන්නේ නැහැ.
ඒ වගේම එතුමා කියපු ආකාරයට වර්තමාන ආණ්ඩුව යම් යම් කැපකිරීම් කරලා තිබෙනවා . ඒවා අපි පිළිගන්න සූදානම්. හැම එකම විවේචනය කරන එක නෙමෙයි. නමුත් මේ ක්රමෝපායන් වාර්තාව අනුව මෙහි තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශයක්. මේකේ target achieve කරන විදිහ කොහොමද කියලා කියලා නැහැ.
දැන් මේ ආණ්ඩුවේ ජනාධිපතිතුමා පත්වෙලා මාස නවයයි. ආණ්ඩුව පත්වෙලා මාස හත හමාරයි. Sri Lanka development update වර්තාවව අනුව, රටේ ජනගහනයෙන් තුනෙන් එකක්, 33% ක් දරිද්‍රතා රේඛාවෙන් පල්ලෙහා දුගී භාවයේ ඉන්නේ. එතකොට ඒ අයව ඉන් මුදවා ගැනීම සඳහා තිබෙන වැඩපිළිවෙළ කුමක්ද? කොයි කාලෙද? මොන පියවරෙන් පියවරද යන්නේ ? කියන එක මේ සභාවටයි රටටයි දැනුම් දෙනවනම් වඩා හොඳයි.
2023 වසරේ ආපු ආර්ථික අර්බුදයත් එක්ක ගෘහස්ථ සමීක්ෂණය කරපු එකෙන් සොයාගෙන තියෙනවා ගෘහස්ථ වියදම 91.1% කින් වැඩි වෙලා තිබෙනවා. එය සම්පූර්ණයෙන් නැති කරන්න බැරිවේවි නමුත්, එය පාලනය කරන්නේ මොන මොන පියවර වලින්ද කුමන කාලයකදීද කියන එක මේවට ඇතුළත් වුණා නම් හොඳයි. මොකද දැනගෙනනේ කරනවා කිව්වේ ඔක්කොම.
ආර්ථික කටයුතු කරපු අයගෙන් , ව්‍යාපාර කටයුතු කරපු අයගේ, 15.1% ක රැකියා අහිමිවෙලා තියෙනවා. එතකොට රජය ඒ සඳහා ගන්නා වූ පියවර මොකක්ද? කොයි කාලෙදිද ගන්නේ?? ඒකත් කියනවා නම් හොඳයි. SME sector එකට මොකක්ද දෙන alternative විසදුම?
අපේ රටේ ණයබරතාවය 22% කින් වැඩිවෙලා තියෙනවා. එතකොට මේ ණයබලතාවය ඉවත් කරන්න මොනවද කරන වැඩපිළිවෙළවල් කියලා කියන්න ඕන, කොයි කාලද කියලා කියන්න ඕන, ඉලක්කම් එක්ක. මේ ණය බරතාවයේ ඉන්න හුඟක් දෙනෙක් උගස් කටයුතුවලින්. පහුගෙ ආර්ථික අර්බුද කාලයේදී තම කණ කර ආභරණ උකස්තියල ජීවත් වෙච්ච අය තමයි මේ ණයබරතාවය වැඩිවෙලා තියෙන්නේ. මොකද මූල්‍ය ආයතන වලින් ණය ගත්තු ප්‍රමාණය 8.7% යි. මෙන්න මේවා පිළිබඳවත් ඔබතුමන්ලාගේ මූල්‍ය ප්රකාශනයේ තිබුණා නම් හොඳයි කියන එක තමයි මගේ අදහස.මේවා අපි පැහැදිලි කරන්නේ ආණ්ඩුව විවේචනය කරන්න නෙමෙයි. මේ කරුණුත් address කරන්න.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කරපු සමීක්ෂණවලින් පුද්ගලයෙකුගේ මාසික වියදම රුපියල් 16,207/- ක් . එතකොට හතර දෙනෙක් ඉන්න පවුලකට මාසෙකට රුපියල් 64,000– 65,000/- ක් ඕනෙ ජීවත්වෙන්න. එතකොට ඒ හා සමාන පවුල් තියෙන ජනතාවගෙන් කී දෙනෙකුටද ඒ වගේ ආදායමක් ලැබෙන්නේ? එතකොට ඒකට ආණ්ඩුව දාන විකල්පය මොකක්ද?
මම දැක්කා සුනිල් හඳුන්නෙත්ති ඇමතිතුමාව විවේචනය කරනවා මේ සමාජ මාධ්‍ය ජාලාවල. ඇමති තුමා English is a language, not the knowledge. ඔබතුමාගේ දැනුම තිබෙනවා නම් එච්චරයි. මම දැක්කා ඔබතුමා යම් තොරතුරු ප්‍රමාණයක් එකතු කරගෙන ගිහිල්ලා රට ගැන ප්‍රසන්ටේෂන් එකක්, picture එකක් ඉදිරිපත් කළා. පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන් ඉංග්‍රීසි උච්චාරණයේ. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ප්රශ්නය වෙන්නේ ඔබතුමන්ලා කිව්වේ ඔබතුමන්ලා හැම එකම දන්නවා කියලා. එනිසා මට කියන්න ඕන ඕනේ මේකෙ තියෙන මේ අඩුපාඩු වලට ඉලක්කම් සහ කාලවකවානු ඇතුලත් කරලා ඉදිරිපත් කරන්න කියලා.
එතකොට රු. 16,207/- ක් වෙද්දි එක පුරවැසියෙකුගේ මාසික වියදම හතර දෙනෙක් ඉන්න පවුලකට 75000ක් ඕන. මේකෙන් විශාල පීඩාවකට ලක්වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත්වන ජනතාව. පිට පලාතකනා කොස් ගහක් දෙල් ගහක් වී ටිකක් හම්බවෙනවා, නමුත් කොළඹ නගරය ගත්තොත් ලුණු ඇටේ ඉඳලා , අබ ඇටේ ඉඳලා හැම එකම සල්ලි දීලා ගන්න ඕන. ඒවත් ඔබතුමන්ලා මේ මූල්‍ය ක්රමෝපායන ප්‍රකාශනවලදී බැලුවනම් හොඳයි. පළාත් පාලන ආයතන වල බලය පිහිටුවන්න විශේෂයෙන්ම කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන්න, ඔබ දරපු උත්සාහය, මේ නගරයේ ජීවත්වන ජනතාව මේ පීඩාවෙන් මුදවන්නත් දරනවා නම් හොඳයි.
විදුලි බල ඇමතිතුමා දැන් මෙතන නැහැ නමුත් විදුලි බල පනත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ආවා. එතුමා විවේචනය කරනවා world bank එකයි, ADB එකයි , sectoral oversight committee එකේ අයට ලියුමක් යැව්වා කියලා. Sectoral oversight committee එක තමයි committee stage එකේ amendment ටික ගේන්නේ. එතකොට ඒගොල්ලෝ යම් අදහසක් ඉදිරිපත් කරල තියෙනවනම් එතුමා කොහොමද ඒක විවේචනය කරන්නේ කියලා මට තේරෙන්නේ නෑ. මොකද විදුලි බිල 30% කින් අඩු කරනවා කියලා ආපු ආණ්ඩුව ඒක අඩු කරලා නැහැ