
මෙම වසරේ පළමු මාස හය අවසන් වන විට ශ්‍රී ලංකාවේ මූල්‍ය සමාගම් වාහන ණය ලෙස ලබාදී ඇති මුළු මුදල රුපියල් බිලියන 1,161 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

ඉන් වැඩිම ප්‍රතිශතයක් ලීසිං පහසුකම් යටතේ වාහන මිලදී ගැනීම සඳහා ලබාදී ඇති අතර, දෙවනුව උකස් පදනම් වූ ණය ලෙස ලබාදී ඇති බව මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ජේ.පී.ආර්. කරුණාරත්න මහතා සඳහන් කළේය.
මහ බැංකුවේ “මූල්‍ය ස්ථායිතා විවරණය – 2025” වාර්තාව අනුව, මෙම වසරේ පළමු මාස හයේදී බලපත්‍රලාභී මූල්‍ය සමාගම් ලබාදී ඇති මුළු ණය සහ අත්තිකාරම් ප්‍රමාණය රුපියල් බිලියන 1,837 ක් වන අතර, එමගින් රුපියල් බිලියන 1,161 ක් (සියයට 63.2ක්) වාහන ණය ලෙසත්, රුපියල් බිලියන 356 ක් (සියයට 19.4ක්) රන් ණය ලෙසත් ලබාදී ඇත.
එම වාර්තාවේ තවත් විස්තරයකට අනුව, පළමු මාස හයේදී බැංකු අංශය පුද්ගලික අංශයට ලබාදී ඇති ණය මුදලින් සියයට 40.7 ක් පවුල් ඒකක සඳහාය. පසුගිය වසරේ එම කාලය තුළ පවුල් ඒකක සඳහා රුපියල් බිලියන 736.4 ක් ලෙස වූ ණය, මෙම වසරේදී රුපියල් බිලියන 1,010.3 දක්වා (සියයට 14.8 කින්) වැඩි වී ඇත. බස්නාහිර පළාතේ පවුල් ඒකකයන්ට වැඩිම ණය ලබාදී ඇති බවද සඳහන් වේ.
ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසා ඇත්තේ, වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු බලාපොරොත්තු වූවාට වඩා වැඩි වාහන ඉල්ලුමක් ඇති වූ අතර, එමගින් වාහන ණය ඉහළ යාම ස්වභාවික දෙයක් බවය. වසර 5ක් තිස්සේ ගොඩගැසුණු ඉල්ලුම සපිරීමත් සමඟ ඉදිරි වසරවලදී ඉල්ලුම සාමාන්‍ය මට්ටමකට අඩුවෙනු ඇති බවද, එය රජයේ ආදායමට බලපාන ප්‍රධාන ගැටළුවක් නොවනු ඇති බවද ඔහු පැවසීය.




