
රජ පවුලේ වියදමට බ්‍රිතාන්‍ය බදු ගෙවන්නන්ගේ මුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 118.50ක් ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 3552ක් පමණ) මුදලක් මෙම වසරේදීද බ්‍රිතාන්‍ය රජය ලබා දී ඇතැයි පසුගියදා රජ පවුල නිකුත් කළ වාර්ෂික මූල්‍ය වාර්තාවෙන් අනාවරණය විය.
බ්‍රිතාන්‍ය රජය ස්වෛරී ප්රදානය ලෙස හඳුන්වනු ලබන මෙම ප්රදානය රාජකීය මාලිගා නඩත්තු කිරීමටත් රාජකීයයන්ගේ නිල රාජකාරී කටයුතු සිදු කිරීමටත් ලබා දෙයි.
එයට හිලවු ලෙස රාජකීය පවුලට අයත් දේපළවලින් ලැබනෙ ආදායම බ්‍රිතාන්‍ය රජයට ලබා දේ. එයට මධ්‍යම ලන්ඩනයේ දේපළ විශාල ප්‍රමාණයක්, ඇස්කොට් තුරඟ තරඟ පිටිය සහ එංගලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තය වඩා ඇති මුහුදු පත්ල ඇතුලත් වේ.
මෙම ගනුදෙනුව 1760 වසරේ සිට සිදුවන්නක් වන අතර ස්වෛරී ප්රදානය රාජකීයයන්ගේ සහ ඔවුන්ගේ නියෝජිතයන්ගේ වියදම් ගිණුම වැනිය. එම මුදල සංචාරක හා කාර්ය මණ්ඩල වියදම ඇතුළු මහජන කටයුතු සඳහා රාජකීයයන්ට අවශ්‍ය වියදම් පියවනු ලබයි. නමුත් එයට ආරක්ෂක වියදම් ඇතුළත් වන්නේ නැත.
ස්වෛරී ප්‍රදාන මූල්‍ය වාර්තාවට අනුව රාජකීයයන් පසුගිය වසරේදී එක්සත් රාජධානිය තුළ සහ පිටත මහජන කටයුතු 1900ක් පමණ පවත්වා ඇති අතර නිල රාජකීය මාලිගාවල පැවති උත්සව 828 කට අමුත්තන් 93,000කට වැඩි පිරිසක් සහභාගී වී ඇත.