
කොළඹ අක්ෂි රෝහල පෙර නොවූ විරූ තදබදයකට මුහුණ දී සිටින බව වාර්තාවේ.
පැමිණෙන පිරිසගෙන් බහුතරය වන වැඩිහිටි පුරවැසියන්ට වැරදි කළමනාකරණය හේතුවෙන් පීඩාකාරී තත්ත්වයන් යටතේ ප්රතිකාර ලබා ගැනීමට සිදුව ඇත.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
එහිදී මොණරාගල, වවුනියාව, බදුල්ල සහ තංගල්ල වැනි දුර බැහැර ප්රදේශවලින් පැමිණෙන රෝගීන් වැඩි පීඩාවකට පත්ව සිටිති.
වාර්තා වන පරිදි උපදේශන කාමර අසල රැඳී සිටින ස්ථානවල 50 දෙනෙකුට පමණ ආසන ඇති නමුත්, රෝගීන් 150ක් පමණ පැය පහක් දක්වා සිටගෙන දැඩි අපහසුතාවට පත්ව සිටිති.




