මධ්‍යම පළාතේ පාසල් දෙසිය හතලිස් හයක් වසා දැමීමේ හෝ ඒකාබද්ධ කිරීමට යෝජිත පාසල් ලෙස පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් හඳුනා ගෙන ඇත. සිසුන් සියයට අඩු පාසල් පන්සිය තිස් දෙකක් ද හඳුනාගෙන ඇත.

ශිෂ්‍ය සංඛ්‍යාව සියයට අඩු නමුත් තවදුරටත් පවත්වාගෙන යා යුතු පාසල් ලෙස දෙසිය අසූහයක් හඳුනා ගෙන තිබෙන බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව පෙන්වාදී ඇත. 2025 වසරේදී ගලේවෙල අධ්‍යාපන කලාපය තෝරාගෙන සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇත.
මධ්‍යම පළාතේ කලාප අධ්‍යාපන කාර්යාල සංඛ්‍යාව 15 කි. 2026 වසරේදී පළාතේ පාසල් 118 ද 2027 වසරේදී පාසල් 99ක් ද සංවර්ධනය කිරීමට හඳුනාගෙන ඇත. මේ අතර මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ, නාඋල, විල්ගමුව සහ ගලේවෙල අධ්‍යාපන කලාපවල සිසුන් සියයට අඩු ඒකාබද්ධ කිරීමට යෝජිත හඳුනාගෙන ඇති පාසල් සංඛ්‍යාව 238කි.
එම පාසල්වල අධ්‍යාපන ලබන සිසුන් සංඛ්‍යාව 11403කි. ඒකාබද්ධ කිරීමට යෝජිත ප්‍රාථමික පාසල්වල සිසුන් 9406 දෙනකු ද ද්විතීයික පාසල්වල සිසුන් 1997 දෙනකු ද අධ්‍යාපන ලබන බව දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලින් සනාථ වෙයි. මෙම කලාපවල පාසල් අතර පොදු ප්‍රවාහන සේවා පහසුකම් පවතින පාසල් 124 ක්ද, පොදු ප්‍රවාහන පහසුකම් පවතින නමුත් වැඩි දියුණු කළයුතු පාසල් 45ක් ද පොදු ප්‍රවාහන මාධ්‍ය නොමැති විකල්ප මාධ්‍ය සැපයිය යුතු පාසල් 110 ක් ද මාර්ග සංවර්ධනය කළ යුතු පාසල් 102ක් ද පවතින බව හඳුනා ගෙන ඇත.




