
මහඔය පොලිස් වසමට අයත්’ බොරපොළ ප්‍රදේශයේදී’ ඊයේ (04දා) රාත්‍රි’ 8.30 ට පමණ’ තම බිරිඳ සමග අනියම් ඇසුරක් පවත්මින් සිටි ලාන්ස් කෝපුුුල් සෙබළෙකු’ මන්නා පිහියෙන් කපා කොටා එම ස්ථානයේදීම ඝාතනය කර 119 හදිසි ඇමතුම් අංකයට දැනුම් දී මහඔය පොලිසියට බාර වී’ ඇතැයි මහඔය පොලිසිය පවසයි.

මෙම කාන්තාව’ සමග අනියම් ඇසුරක් පැවැත්වූ අම්පාර මල්වත්ත හමුදා කඳවුරේ’ ලාන්ස් කෝපුල් පසුගිය 05 වැනිදා ආගමික’ උත්සවයක් සදහා ආහාර සකස් කිරීමේ රාජකාරිය සදහා අරන්තතලාවට පැමිණ’ කෙටි නිවාඩුවක් ලබා සිටි අවස්ථාවේ’ මෙලෙස’ බොරපොල අංක 14 නිවසට ගොස් සිටියදී එම කාන්තාවගේ නිත්‍යානුකූල සැමියා වන හමුදා සෙබළා විසින් මෙම ලාන්ස් කෝපුල්ට මන්නා පිහියෙන් පහරදී ඝාතනය කර ඇත.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සමගිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි තිස් එක් හැවිරිදි එක් දරු’ පියෙකි.
ඝාතනය’ සම්බන්ධයෙන්’ මහඔය පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරපොළ මහඔය පදිංචි තිස් හතර’ හැවිරිදි’ දෙදරු’ පියෙකි.




