
හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගන්නා ලද ඉපලෝගම කට්ටියාව විදුහල්පතිවරයාගේ ජංගම දුරකථනයේ දේශපාලනඥයන් රැසක නම් සහ දුරකථන අංක ගබඩා කර ඇති බව වාර්තා වේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඔහුගේ බිරිඳ පෑලියගොඩඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කළ අතර සිදුවීමෙන් පසුව ඇය සිය ධුරයෙන් ඉල්ලා අස්වූවාය.
මේ වන විට අදාළ විදුහල්පතිවරයා රැඳවුම් නියෝග මත පොලිස් භාරයේ පසු වෙයි.
මේ විදුහල්පතිවරයා කාලයක් තිස්සේම දේශපාලඥයන් විශාල ප්‍රමාණයක් සමීපව ඇසුරු කර ඇති අතර ඔවුන්ගේ දුරකථන අංක තම ජංගම දුරකථනයෙහි සටහන් කරගෙන ඇති බවද සඳහන්වේ.




