
දුම්පානයෙන් දෛනිකව පුද්ගල මරණ 40ක් සහ මද්‍යසාර භාවිතයෙන් දෛනිකව පුද්ගල මරණ 40ක් අවම වශයෙන් වාර්තා වන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල සිදු කළ සමීක්ෂණවල දී තහවුරු වී ඇත.

මෙරට ජනගහනයෙන් ලක්ෂ 15ක් දුම්පානය කරන බවත් ලක්ෂ 34ක් මද්‍යසාර භාවිත කරන බවත් අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගල සංඛ්‍යාව (ගංජා, හෂීස්, හෙරොයින්, අයිස් වැනි) ලක්ෂ 3 1/2ක් බවටත් ඇස්තමේන්තු කර ඇත.
දුම්පානයෙන් වාර්ෂිකව රටට අහිමි වන පුද්ගලයන් සංඛ්‍යාව 15000-20000ක් බව ද මද්‍යසාර භාවිතයෙන් වසරකදී ආසන්න වශයෙන් 20000ක් මියයන බව ද එම සමීක්ෂණ හෙළි කරයි. ගංජා, හෂීස්, හෙරොයින් අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිදුවන පුද්ගල මරණ සංඛ්‍යාව විද්‍යාත්මකව ගණනය කර නොමැති බව එම සමීක්ෂණ වාර්තා කර ඇත.
දුම්වැටි සඳහා පනවා ඇති සුරාබදු ආදායම වාර්ෂිකව රුපියල් බිලියන 92.9 ක් බවත් ඒ මගින් වාර්ෂිකව ආර්ථික සහ සෞඛ්‍ය පිරිවැය රුපියල් බිලියන 214ක් බවත් මද්‍යසාර සඳහා පනවා ඇති වාර්ෂික බදු ආදායම රුපියල් බිලියන 165.2ක් බවත් ඒ මගින් ආර්ථික සහ සෞඛ්‍ය පිරිවැය රුපියල් බිලියන 235 බවත් එම සමීක්ෂණවලින් තහවුරු කර ඇත. ගංජා, අයිස්, හෂීස්, හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය සඳහා සුරා බදු ආදායම විද්‍යාත්මකව ගණනය කිරීමක් මෙතෙක් සිදුවී නොමැති බව එම වාර්තාවෙන් දක්වා ඇත. එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල, ශ්‍රී ලංකාවේ වැඩිහිටි දුම්කොළ පිළිබඳ ගෝලීය සමීක්ෂණ ආයතනය මෙම තොරතුරු අනාවරණය කරයි.




