
බස් රථයේ කෝච්චියේ බයිසිකලයේ ගොස් දේශපාලනය කරන බවක් හෝ ජනතාවට නොමැති කිසිම දෙයක් තමන්ට එපා යැයි හෝ තමන් කිසිදා ප්‍රකාශ නැති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
එවැනි කිසිදු සඳහනක් සිය ප්‍රතිපත්ති ප්රකාශනයේ ඇත්නම් පෙන්වන්නැයි හෙතෙම අභියෝග කරයි.
ඔහු පෙන්වා දෙන්නේ බසයේ කෝච්චියේ ගොස් දේශපාලනය කළ හැකි රටක් පසුගිය 76 වසරක් තිස්සේ රට පාලනය කළ පාලකයන් ගොඩනගා නැති බවයි.
දුම්රිය බස් වෙලාවට ගමන් කරන රටක් ගොඩනඟා තිබිණි නම් ඒවා භාවිත කරමින් දේශපාලන කටයුතු කල හැකිව තිබූ බව ද ඔහු පැවසීය.
රජයේ වාහන ඉතාම පැරණි අබලන් වාහන බවත් නිතර දෝෂ නිසා අලුත්වැඩියා කිරීමට සිදුව ඇති බවත් පැවසූ ඔහු අලුතින් වාහන රජයට ගන්නේ ඒ නිසා බව ද ඔහු පෙන්වා දෙයි.
ඒ මහතා මේ බව පැවසුවේ ස්වාධීන රූපවාහිනියේ වැඩසටහනකට එක් වෙමිනි.




