
සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘ඩුබායි දනුෂ්ක’ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධාන ගෝලයන් දෙදෙනකු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ඇත.

විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්යක්ෂ (බුද්ධි/විශේෂ මෙහෙයුම්) පොලිස් අධිකාරී ඩී.පී.යූ. කොඩිතුවක්කු මහතාගේ මගපෙන්වීම හා අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බළකාය බුද්ධි කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ආර්.එම්.ඒ.පී.බී. රාජනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 12 වැනිදා වැල්ලම්පිටිය පොලිස් වසමේ අංගොඩ හා වැල්ලම්පිටිය ප්‍රදේශවල දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන කොළොන්නාව දනුෂ්ක හෙවත් ඩුබායි දනුෂ්ක නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වූ වැල්ලම්පිටිය හා කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22, 32 පුද්ගලයන් දෙදෙනකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200යි මිලි ග්‍රෑම් 590ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.




