
සිවිල් සංවිධාන ක්‍රියාකාරී සහ සර්වජන බලය පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ථන් මහතාගේ යාපනය කාර්යාලයේ සිටි පවුලේ පිරිසට හා සේවකයන්ට වෑන් රථයකින් පැමිණි පිරිසක් මරණ තර්ජන එල්ල කර පලාගොස් තිබේ.

ඒ සම්බන්ධයෙන් තමා පොලිසියට පැමිණිලි කළ බව අරුන් සිද්ධාර්ථන් මහතා ඊයේ (14දා) මාධ්‍ය හමුවකදී පැවසීය.
ඒ එල්ලවුණු ජීවිත තර්ජන සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ආණ්ඩුව මත පැවරෙන බවද ඒ මහතා කීය. අදාළ වෑන් රථය එම ස්ථානයට පැමිණෙන අයුරු සී.සී.ටි.වී. කැමරාවල සටහන් වී තිබේ.
තවදුරටත් කතා කළ අරුන් සිද්ධාර්ථන් මහතා මෙසේද කියා සිටියේය.
“කුඩා වෑන් එකකින් ආපු පිරිසක් අපේ ඔෆිස් එකට ඇවිත් අපේ සේවකයන්ට, මගේ බිරිඳට, පවුලේ අයට මරණ තර්ජන කරලා තිබෙනවා. උඹලා දේශද්‍රෝහියෝ, උඹලා සිංහලයාට කඩේ යනවා, උඹලා මරන්න ඕනේ කියලා තර්ජනය කරලා තියෙනවා. එහෙම බැනලා ගිහින් ආපහු වෑන් එක හරවාගෙන ඇවිත් ආයෙමත් අපේ අයව වීඩියෝ කරගෙන මරණ තර්ජනය කරලා ගිහින් තියෙනවා. මේ ගැන මම පොලිසියට පැමිණිලි කළා. අපේ ආරක්ෂාවට, අපේ ජීවිතයට තර්ජනයක් එල්.ටී.ටී.ඊ. එක හරහා එන එකට මේ ආණ්ඩුව වගකීම දරන්න ඕනේ.”




