2022 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය අහෝසි කිරීමට උත්සාහයන් පැවති බවත්, එම මැතිවරණය සම්මත කරුණක් ලෙස පැවැත්වුවහොත් තම ජීවිතයට හානි වන සේ තර්ජන ලැබුණු බවත්, එවකට මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් ලෙස සේවය කළ සමන් ශ්‍රී රත්නායක මහතා පළමුවරටම හෙළිදරව් කර ඇත.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී, රත්නායක මහතා මෙම තොරතුරු එළිදරව් කරමින් එවකට තම ඉටු කළ රාජකාරී සම්බන්ධයෙන් මුල්වරට පැවැත් වූ පීඩන ක්‍රියාකාරකම් පිළිබඳවද පැහැදිලි කර තිබේ.
තමන්ට එල්ල වූ තර්ජන පිළිබඳව ඔහු අතිරහසිගතවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වෙත ලියාපදිංචි පැමිණිල්ලක් කළත්, එම පැමිණිල්ල සම්බන්ධයෙන් CID විසින් සුදුසු ප්‍රතිචාරයක් හෝ නිසි විමර්ශනයක් සිදු නොවූ බවද රත්නායක මහතා සදහන් කළේය.
එවකට ජනාධිපතිවරු ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා, මැතිවරණය පවත්වා ගැනීමට අවශ්‍ය අරමුදල් නොමැති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අතර, රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකුද මැතිවරණය නොපවත්වා සිටීමට ජනාධිපතිවරයාට පූර්ණ සහාය සැපයූ බව රත්නායක මහතා එහිදී තවදුරටත් අවධාරණය කළේය.
ඒ සමඟම, රජයේ මුද්‍රණාලයේ එවක සභාපති වූ ගංගානි කල්පනී මහත්මිය විසින් රුපියල් බිලියන එකහමාරකට අධික පිරිවැය භාරගෙන තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළත්, ඒවා මැතිවරණය ක්‍රියාත්මක කිරීම සඳහා මැතිවරණ කොමිසමට ලබා දීමේ වගකීම නොකළ බවත් රත්නායක මහතා එම අවස්ථාවේ පැහැදිලි කර තිබේ.
මෙම සම්මුඛ සාකච්ඡාවේ සම්පූර්ණ විස්තරය පහත දැක්වේ.
සමන් ශ්‍රී රත්නායක මහත්තයා ඔබේ ජීවිත කාලය ඇතුළත ඔබ ගත්ත අමාරුම ඩිසිෂන් එක මොකක්ද?
අමාරුම ඩිසිෂන් එක තමයි ඇත්තටම හිතට එකඟ නැතිම එක තමයි පහුගිය 2023 ඡන්දෙ තියාගන්න නැතුව ඉන්න එක.
ඒ කියන්නේ පළාත් පාලන?
පළාත් පාලන.
ගංගානි ළඟ තියෙනවා බිලියන 1.5ක විතර ප්‍රින්ට් කරපු තැපැල් ඡන්ද පත්‍රිකා ප්‍රමාණයක්. ඔබ මේක ගන්නම ට්‍රයි කළා ගංගානිගෙන්. ඇය ඒක ඔබට දුන්නේ නෑ?
ඔව්. රජයේ මුද්‍රණාලයේ ප්‍රධාන මැන්ඩේට් එකේ දෙවැනියට තියෙන එක තමයි රජයේ මැතිවරණ කටයුතු සඳහා අවශ්‍ය කරන මුද්‍රණ කටයුතු කිරීම. ඒක ඔවුන්ගේ වගකීමක්.
ඔවුන් ඒක ප්‍රින්ට් කළා?
ප්‍රින්ට් කළා කියලා කිව්වට ප්‍රින්ට් කළා නම් අපිට බඩු හම්බ වෙන්න ඕනේ.
දුන් නෑනේ?
බඩු නැතුව අපිට ගෙවන්නත් බෑ. දැන් ඊට පස්සේ කියනවා මේ කරලා තියෙනවා කියලා. අපි සතයක්වත් ගෙවන්නෙත් නෑ. මොකද හේතුව රාජ්‍ය සේවයේ යම්කිසි ගෙවීමක් කරන්න නම් අපිට ඊට අදාළ භාණ්ඩ අපේ ගබඩාවට ඇවිල්ලා තියෙන්න ඕනෙ.
ඒක දුන්න නම් ඔබ හිටිය මයින්ඩ් සෙට් එක තැපැල් ඡන්දෙ තියන්න?
අපිට ගොඩක් ඕනෙ නෑ. තැපැල් ඡන්දෙට අවශ්‍ය කරන ලක්ෂ අටක තැපැල් ඡන්ද පත්‍රිකා ටික ආවා නම් අපි දාසය වැනිදා තැපැල් ඡන්දෙ ඉෂූ කරනවා.
ඒ ඔක්කොම ප්‍රින්ට් කරලා තිබුණේ?
ඒ ඔක්කොම ප්‍රින්ට් කරලා තිබුණේ. ප්‍රින්ට් කළ යුතුයිනේ.
දැන් කෝ ඒ ටික?
අපේ බාරේ නෑ.
කෝ ඒ මුදල?
අපි ගෙවලත් නෑ. ඒකට.
ඔබ ගෙවුවේ නැති වුණාට ඒ වියදම? රජයේ මුද්‍රණාලයේ වියදම?
ඒක තමයි මෙතැනින් එහාට තියෙන අංශ ඒ සම්බන්ධයෙන් විධිමත් විය යුතුයි.
රජයේ මුද්‍රණාලයේ ප්‍රින්ට් කරපු ලක්ෂ අටක තැපැල් ඡන්ද පත්‍රිකා, 2023 පළාත් පාලන මැතිවරණයට දරපු වියදම අදාළ ෆයිල් එක රංග දිසානායක ළඟ නැද්ද දන්නෑ?
ඊට කලින් රජයක් තිබ්බනේ. ඒ කියන කාලේ පුරාම හිටියනේ තව. හැමෝටම පොදු වගකීමක් තියෙනවනේ.
ඒ කට්ටිය හෙව්වෙ නෑනේ. නවත්තපු අය හොයයිද?
නැවැත්තුවේ ඔක්කොමද? මම විශ්වාස කරන්නේ නෑ සමස්තයම එක තැන හිටියා කියලා. මොකද ඒකට හිටපු දේශපාලන පක්ෂ ධාරාව හිටපු දේශපාලන සියල්ල… අපිට තේරුණා නේ ඔවුන්ගේ පැහැදිලි ස්වභාවය මොකක්ද කියන එක.
කවුද නැවැත්තුවේ? රනිල් විතරද?
ඉතින් පැහැදිලිවම කිව්වනේ සල්ලිත් නෑ ඡන්දෙත් නෑ කියලා කිව්වේ.
ඒක රනිල්ගේ තනිකර අවශ්‍යතාවයක්?
එතැන නෙවෙයි ප්‍රශ්නේ. ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරපු නිලධාරීන්ගෙයි ප්‍රශ්නේ තියෙන්නේ.
ඒ කියන්නේ රනිල්ට කඩේ ගිය සෙට් එක?
ගවර්න්මන්ට් ප්රින්ටර්ගෙන් අපිට ඒ ටික ලැබුණා නම් අපි පෝස්ටල් ඉෂූ කරනවා.
ගංගානි ඉෂූ කළේ නැත්තේ ගංගානිගේ තනි වුවමනාවටද? එහෙම නැත්තම් ගංගානිට රනිල් කිව්වද මේක දෙන්න එපා කියලා?
ඒක ගංගානි තමයි දන්නේ.
ඔබට හිතෙන විදිහට?
නෑ මට හිතන්න බෑ. මොකද මම නිලධාරියෙක් විදිහට මගේ ඩියුටි එක කරනවා මිසක්…
ඔබ ගංගානිට කතා කරලා ඉල්ලුවද?
ඔව් ඉතින් මම නෙවෙයි මුළු කොමිෂන් එකම උදේ හවස ගෙන්වලා ගෙන්වලා… හරි දැන් හරි දැන් හරි කිය කියා තමයි හිටියේ. සාක්කි දේවි ඕනෙ නම් අපේ කමිෂන් එකේ මෙම්බර්ස්ලා.
දුන්නේ නෑ?
ආවේ නෑ ඉතින්.
ඔබට මරණ තර්ජන ආවේ කාගෙන්ද?
ඒක නම් ඔය මම හිතන්නේ ඒ මොහොතේ කලින් ආවා අපේ මොහොමඩ් සර්ට, දිවාරත්න මහත්තයාට, පතිරණ මහත්තයාට එහෙම ඇවිල්ලා තිබුණා.
කෝල් එකෙන් ආවේ නේ?
දුරකතනෙන් ආවේ.
කවුද කතා කළේ?
මම තාත්තා බලන්න එනකොට වාහනේදි මට දුරකතන ඇමතුමක් ආවා. යාළුවෙක් කතා කරන්නේ මචං මතක නැද්ද කටහඬත් මතක නැද්ද. මම කිව්වා මට එහෙම හුරු නෑ මචං කටහඬ කවුද කියලා.
ඔබේ කන්ටැක්ට් ලිස්ට් එකේ තිබිච්ච කෙනෙක් නෙමෙයි?
නෑ කන්ටැක්ට් ලිස්ට් එකේ තිබිච්ච එකක් නෙවෙයි. මම ඊට පස්සේ ස්පීකර් ෆෝන් දැම්මා. මගේ ඩ්‍රයිවරුයි කෝඩිනේටින් සෙක්රටි්ර දෙන්නම අහන් හිටියා ස්පීකර් ෆෝන් දාලා. තර්ජනය කරා.
මොනවද කිව්වේ?
කෙළින්ම මරනවා කියල තමයි කිව්වේ. තොට මොකද ඡන්දෙ තියන්න ඔච්චර තියෙන අමාරුව කියලා ඇහුවා.
මේ පළාත් පාලන ඡන්දේ?
ඔව් පළාත් පාලන.
මේ ඔබ අර ගංගානිත් එක්ක අරක ඉල්ල ඉල්ලා හැප්පෙන කාලෙද ඔය?
ඔව් ඒ කාලේ තමයි.
ඔබ මොකද කිව්වේ?
මම කිව්වා ඉතින් මැරෙන්නෙ එක පාරයි. ඒ හින්දා ඒක ගැටලුවක් නෑ. හැබැයි මට මම කරන රස්සාව මම නවත්තන්නෑ. ඒක මම කරනවා කිව්වා.
මරනවා කියලම කිව්වා?
ඔව් ඔව්.
හෑන්ඩ් ෆෝන් එකෙන්ද ආවේ?
හෑන්ඩ් ෆෝන් එකෙන්. මම ඇත්තටම ඒ වෙලාවේ මොනවත් කළේ නෑ.
ඔබ සී.අයි.ඩී. ගියා?
සී.අයි.ඩී. ගිය එක කවුරුත් දන්නෙ නෑනේ.
ඔබ ඉතාම රහසිගතව සී.අයි.ඩී.යට ගියේ? හරි වැරැදි වැඩක් ඔබ කළේ. ඔබ ඒක යටගැහුවා.
යට ගැහුවේ නෑ. ඒක නොකළා නම් මාධ්‍ය අපිව විකුණනවා අමුව අමුවේ. ඒවා මාධ්‍ය ප්‍රචාරය ගියා විතරයිනේ. කවුරුත් ඒවා හොයලා බැලුවේ නෑනේ. අදටත් ඒවාට වෙච්ච දෙයක් නෑනේ.
ඔබ විශ්‍රාම ගිහිල්ලා පොළොන්නරුවෙදි තමයි අපි දන්නේ මට තර්ජන ආවා කියන එක. අපි දන්නේ නෑ ඇත්ත කතාව? ඇයි ඒක යට ගැහුවේ?
මම මාධ්‍යයට කියන්නෙ නෑ. පොලිසියට කිව්වම ඇතිනේ. ඔබට පරීක්ෂණ කරන්න බෑනේ. ඒ නිසා අදාළ තැනට සී.අයි.ඩී. එකේ ඩිරෙක්ටර්ට පර්සනලි මම කතා කරලා කම්ප්ලේන් එකක් දාලා, මම කිව්වා මේකෙ පරීක්ෂණය කරන්න, පරීක්ෂණය හැර මේකට පබ්ලිසිටි මට අවශ්‍ය නෑ කියලා.
හරි. පරීක්ෂණය ගැන සෑහීමකට පත්වෙනවද?
හොයාගන්න එපැයි කවුද කියලා.
හොයා ගත්තද?
නෑ.
අඩු ගානේ මීඩියා එකකට කිව්වා නම් මීඩියා එකේ ප්‍රෙෂර් එකට බයේ හරි සී.අයි.ඩී. එක හොයනවා?
ඒ ප්‍රෙෂර් එකට හොයපු ඒවා කීයක් තියෙනවද කියන්නකෝ. ඒ ප්‍රෙෂර් එක තුළ එහෙනම් අර තුන් දෙනාත් හොයන්න එපැයි.
කවුද අර තුන්දෙනා?
මොහොමඩ් මහත්තයාගේ, දිවාරත්න මහත්තයාගේ, පතිරණ සර්ගේ.
ඒ ආවෙත් ඒ එකම සෙට් එකද?
එකම සෙට් එකනේ.
ඔබ දන්නෑ කවුද කතා කළේ කියලා?
නෑ නෑ. එකම දේ මම දන්නවා මාව මරන්නේ නෑ කියන විශ්වාසය තිබුණා.
කොහොමද එහෙම විශ්වාසයක් තියන්නේ?
මම මිනිහෙකුට කිසිදු ආකාරයක දැනුවත්ව හෝ නොදැනුවත්ව වරදක් කරන්නේ නෑ.
ඔය කෝල් එක එන්නේ රඹුක්කනින්. කතා කරන්නේ ආමි එකේ කැප්ටන් කෙනෙක්?
ආමි එකේ කැප්ටන් කෙනෙක් නෙවෙයි එයා ෆෝස් ඩෙසටර් කෙනෙක්. ඔය ටික හොයාගන්නේ මම.
මහත්තයෝ ඔබතුමා විශ්‍රාම අරගෙන ඉන්නේ. එතකොට ඔබතුමා මේකෙ ඉන්න කාලෙත් හැංගුවා. ස්වාධීන මැතිවරණ කොමිසමේ ඉන්න කොමසාරිස් ජනරාල්වරයාට ත්‍රෙට් කළා කියන එක හැංගුවා. තවත් මොනවද මහත්තයෝ මේ හංගන්න තියෙන්නේ?
ඉතින් ඒ වෙනුවෙන් කරන්න ඕනෙ කාර්යභාරය සියල්ල කළා.
දැන් ඔබතුමාම කිව්වා මේ කෝල් එක ඩෙසටර් කෙනෙක් කියලා හොයා ගත්තෙත් මම. සී.අයි.ඩී. එක මෙලෝ මඟුලක් කරලා නෑ කියලා.
නෑ ඒගොල්ලෝත් කාර්යභාරයක් කළා. මම වෙනම මට පුළුවන් මට්ටමෙන් කරගත්තා. මට ඇත්තටම දිගින් දිගටම ඕනෙ වුණේ මෙවැනි ප්‍රශ්න මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවලදී සම්පූර්ණ මේ රටේ තියෙන ජනමතය සහ ඒවායින් එහාට ගිහිල්ලා සැබෑ දේශපාලන ප්‍රශ්නවලින් එහාට ගිහිල්ලා වෙනත් මතවාද තුළ අවසානයේ මේ වෙන තැනකට තල්ලු වෙන එක නරකයි. අපි නිවැරදි දේශපාලන මත එක්ක හැප්පෙන එක.
ඔබ අවුරුදු තිහක රාජ්‍ය සේවයේ කීර්තිමත් ඉතිහාසයක් තියෙන මනුස්සයෙක්. අන්තිමට එළියට යන්නේ විශ්‍රාම අරගෙන ලෝකේ හොඳම ඉලෙක්ටොරල් කොමිෂන් එකේ සම්මානය අරගෙන. ඔබ පිළිගන්නවද ඔබ කළේ බරපතළ වරදක් කියන එක?
නෑ.
මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල්ට ත්‍රෙට් කරනවා ඔබව මරනවා ඡන්දෙ තිබ්බොත් කියලා. ඒක නොකියා ගෙදර ගිය එක බරපතළ වරදක් කියලා පිළිගන්නවද?
කිසිදු වෙලාවක වරදක් කියලා පිළිගන්නේ නෑ. මොකද හේතුව ඒ තර්ජනය ආවේ සමන් රත්නායකට මිසක් කොමසාරිස් ජනරාල්වරයාට නෙවෙයි.
එහෙම වෙන්නේ කොහොමද? එතැනට චමුදිත සමරවික්‍රම ආවත් ඒ කෝල් එක එනවා. එතැනට මහින්ද දේශප්‍රිය ආවත් එනවා.
ඒකට ගන්න ඕනෙ ක්‍රියාමාර්ග ගන්න එක, අදාළ තැන්වලට දැනුවත් කරන එක කළානෙ. නොකර හිටියේ නෑනේ.
ඒ දවස්වල අධිකරණයට යනවා මැතිවරණය හා සම්බන්ධයෙන් මහත්තයෙක් කර්නල් විජේසුන්දර කියලා. ඒ මහත්තයා මියයනවා. දන්නවනේ කතාව?
ඔව්.
ඒ මහත්තයත් රඹුක්කන. ඒ මහත්තයා කර්නල් කෙනෙක්. ඔබතුමාට කෝල් එක එන කැප්ටනුත් රඹුක්කන.
නෑ ඒ කැප්ටන් කෙනෙක් නෙවෙයි ඔය කියන්නේ.
හරි කැප්ටන් කෙනෙක් නෙවෙයි කියමුකෝ?
රඹුක්කනත් නෙවෙයි එයා කෑගල්ලේ.
මෙච්චර වෙලා මුකුත් දන්නේ නෑ වගේ බබා වගේ හිටියේ?
එයා කෑගල්ලේ.
රඹුක්කන කියන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ?
එහෙම ගත්තොත් ඕනෙ තැනක මාට්ටු කරන්න පුළුවන්. යාපනයත් ගන්න පුළුවන්.
දැන් බලන්න, මම මුකුත් දන්නෑ කිව්වා. බලන්න රඹුක්කන කිව්වම කියනවා… නෑ නෑ ඒ මහත්තයා කෑගල්ලේ කිව්වා?
ඔව් කෑගල්ලේ.
මම කැප්ටන් කිව්වම නෑ නෑ නෑ එයා ඩෙසටර් කෙනෙක් කිව්වා?
එයා ආමි එකේ ඩෙසටර් කෙනෙක් නෙවෙයි අදර් රෑන්ක් එකක කෙනෙක්.
අදර් කතා වැඩක් නැහැනේ මහත්තයෝ.
ඔෆිසර් කෙනෙක් කියන එකයි, අදර් රෑන්ක් කියන එකයි දෙකක් නේ.
හරි එයා ආමි එකේ. කර්නල් විජේසුන්දරත් ආමි එකේ. මම මේ තැන් ටික තමයි එකට ජොයින් කරමින් එන්නේ. හරිද? ඒ තැන් ටික ජොයින් කරමින් එනකොට දැන් අපිට චිත්‍රය අඳින්න පුළුවන් තිරය ඇරපු ගමන් මෙහෙන් ගංගානිගෙන් ඉල්ලනවා සමන් දීපන් දීපන් කියලා. දෙන්නේ නෑ. අරහෙන් රනිල් කියනවා පාර්ලිමේන්තුවේ ඡන්දත් නෑ, සල්ලිත් නෑ කියලා. මෙහෙන් එනවා ඔෆිසර් කෙනෙක් සමන්ට උඹ ඡන්දෙ තිබ්බොත් මරනවා කියලා. කෑගල්ල ඩිස්ටිික් එකේ රඹුක්කන කර්නල් යනවා විජේසුන්දර උසාවියට ඡන්ද තිබීම සම්බන්ධයෙන්. දැන් හරිනේ චිත්රේ? දැන් කෙළින්ම තිරය ඇරියට පස්සේ නාට්‍ය. හරි. මොකද හිතෙන්නේ…?




