
මෙරට ළමා ජනගහන අනුපාතයේ තියුණු හා අඛණ්ඩ අඩුවීමක් දක්නට ඇති බැව් ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මෙරට ළමා ජනගහන අනුපාතය 1946 වර්ෂයේ දී (0-14 වයස් කාණ්ඩය) සියයට 40-42ක් අතර අනුපාතයක පැවතුණි. 2024 වර්ෂයේ දී ළමා ජනගහන අනුපාතය සියයට 20 දක්වා පහත වැටී තිබුණි. දරු උපත් සංඛ්‍යාව අඛණ්ඩව පහත වැටීම, විවාහ ප්‍රමාදවීම, උසස් අධ්‍යාපනයට සහභාගි වීම වැඩිවීම, ළමා ජනගහනය අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතුවී තිබුණි.
ළමා ජනගහනය අඩුවීම අනාගතයේ දී ශ්‍රම සැපයුම පටුවීම සඳහා ප්‍රධාන හේතුවක් විය හැකි බව ද මෙම වාර්තාවේ සඳහන් වෙයි. මෙම ගැටලුව ශ්‍රම බලකායේ ඵලදායීතාවය ඉහළ නැංවීම මගින් විසඳා ගැනීමට කටයුතු නොකළහොත් සමස්ත ආර්ථිකයේ ප්‍රසාරණය සීමාවනු ඇති බව ද මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.




