
ඊයේ (ජූලි 4) රාත්‍රියේ කදාන, ජාඇල, වත්තල සහ රාගම ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින්, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව සහ නාවික හමුදාව ඒකාබද්ධව විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කළා.
මෙම මෙහෙයුමේදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් සහ වෙනත් විවිධ නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් පුද්ගලයන් 300කට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.
රාත්‍රිය පුරා ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුමට සමගාමීව, ජාඇල, වත්තල, කදාන සහ රාගම ප්‍රදේශ ආශ්‍රිතව වාහන සෝදිසි කිරීමේ විශේෂ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර තිබුණා.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙරටින් මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් තුරන් කිරීමේ ක්‍රියාවලියේ එක් පියවරක් ලෙස මෙම සෝදිසි මෙහෙයුම් දියත් කළ බවයි.




