
ශ්‍රී ලංකා පොලිස් සේවයේ නිලධාරින් 32,000කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය ප්‍රමාණයට අඩුවෙන් අද වනවිට රාජකාරී සිදුකරන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
පොලිස් අපරාධ කොට්ඨාසයට අනියුක්ත ඇඟිලි සලකුණු නිලධාරීන්, අපරාධ විශ්ලේෂණ නිලධාරීන් හා වෝහාරික ඡායාරූප ශිල්පීන් අපරාධ විසඳීම සඳහා දක්වන දායකත්වය ඇගයීම වෙනුවෙන් අද (30) පෙරවරුවේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී පොලිස්පතිවරයා පෙන්වා දුන්නේ මෙම වසරේ දී නිලධාරීන් 2500ක් විශ්‍රාම යෑමට නියමිත බවය.
එමෙන්ම තවත් නිලධාරීන් 2700ක් පිරිසක් ලබන වසරේ දී විශ්‍රාම යෑමට නියමිත බවත් පෙන්වා දුන්නේය.
ඒ අනුව ඉදිරියේ දී නිලධාරීන් 10,000ක් පොලිස් සේවයට එක්කර ගැනීමට බලාපොරොත්තු වන බව පොලිස්පතිවරයා පැවසීය.




