
2026 වර්ෂය සඳහා ත්‍රිවිධ හමුදාවන්ට ආහාර මිලදී ගැනීමේ ටෙන්ඩරය ලබාදීමේදී රුපියල් මිලියන 180ක දූෂණ වංචාවක් සිදුව ඇති බවත්, එබැවින් ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන ලෙසත් ඉල්ලමින්, ‘අල්ලස දූෂණය – නාස්තියට එරෙහි පුරවැසි බලය’ ඊයේ (30දා) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
වියළි සලාක, නැවුම් සලාක යටතේ කැඳවා ඇති අදාළ ටෙන්ඩරයට අනුව අවම ලංසු ඉදිරිපත් කර නියමිත සුදුසුකම් සපුරන ලද සමාගමට ටෙන්ඩරය ලබානොදී, පැරණි කොන්ත්‍රාත් කරුවන්ගේ අවශ්‍යතා මත සූක්ෂම ලෙස අභියාචනා මණ්ඩලයක් පත්කර, ඒ හරහා අදාළ ආහාර ටෙන්ඩරය පැරණි ටෙන්ඩර්කරුවන් කිහිප දෙනෙකුට පිරිනමා මෙම දූෂණය සහ වංචාව සිදුකර ඇතැයි පැමිණිලිකරු වන ජාමුනි කමන්ත තුෂාර මහතා චෝදනා කරයි.




