
ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව ඉලක්ක කරගත් සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විසින් නිකුත් කර තිබෙන ලිපිය ඉවත් කර ගන්නා බව නීතිපතිවරයා අද (10) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
අදාළ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කර ඇත.
ඉන් අනතුරුව පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා මෙම පෙත්සම මාර්තු මස 04 වනදා කැඳවන ලෙසත් අධිකරණය නියම කළේය.




