
2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාව සමග අද පැවැත්වීමට නියමිත තරගය සඳහා කමිල් මිෂාර වෙනුවට කුසල් ජනිත් පෙරේරා කැඳවා ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
කමිල් මිෂාරගේ දුර්වල පිතිකරණය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
මෙම තරගය අද රාත්‍රී 7ට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විමට නියමිතය.
20 -20 තරගයකදී ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව එකිනෙකා හමුවන්නේ වසර 4කට පසුවය.
අද තරගය ජය ගැනීමට හැකිවුවහොත් ශ්‍රී ලංකාවට සුපිරි 8දෙනාගේ වටයට පහසුවෙන්ම සුදුසුකම් සපුරා ගැනීමට අවස්ථාව උදා වේ.




