
ICC පිරිමි T20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත්වීමෙන් පසු තම කණ්ඩායමට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකියාව තිබූ බව ඕස්ට්‍රේලියානු නායක මිචෙල් මාෂ් පිළිගත්තේය.

කෙසේවෙතත් සුපිරි 8 සඳහා සුදුසුකම් ලැබීම ගණිතමය වශයෙන් තම කණ්ඩායමට කළ හැකි බව ඔහු අවධාරණය කළේය.
ඕවර අටකට පසු ඕස්ට්‍රේලියාව කිසිවකු නොදැවී ලකුණු 97ක් ලබා ගත් අතර අවසානයේ ලබා ගත හැකි වූයේ ලකුණු 181ක් පමණි.
ශක්තිමත් ආරම්භයෙන් ප්‍රයෝජන ගැනීමට අපොහොසත් වීම පාඩුවක් බව මාෂ් පැවසීය.
“අපට හොඳ වේදිකාවක් තිබුණා, නමුත් පසුපස අන්තයට යෑමට අපට නොහැකි වුණා.ශ්‍රී ලංකාව එය ලස්සනට පසුබස්වනු ලැබුවා,” මාෂ් තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.
ඕස්ට්‍රේලියාවේ දඟ පන්දු යවන්නන් සම්බන්ධයෙන් ඇති ගැටලුව ගැන විමසූ විට, එය තාක්ෂණික ගැටලුවක් බවට වන යෝජනා මාෂ් ප්‍රතික්ෂේප කළේය.
පූර්ණ ශක්තියෙන් යුත් පිතිකරණ පෙළගැස්මට ඕස්ට්‍රේලියාවේ හොඳම දඟ පන්දු ක්‍රීඩකයන් කිහිප දෙනෙක් සිටින බව ඔහු සඳහන් කළේය.
පැතුම් නිස්සංකගේ ශතකයකින් බල ගැන්වූ ශ්‍රී ලංකාව පහසුවෙන් ඉලක්කය හඹා ගියේය.
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු වන පැතුම් නිශ්ශංකගේ ඉනිම මාෂ් ප්‍රශංසා කළේය.
“මේ අදියරේ ලෝක කුසලාන තරගයකදී පන්දු 50කින් ලකුණු 100ක් ලබා ගත් කෙනෙකුට ඔබ තොප්පිය ගලවා ආචාර කළ යුතුයි. ඒක ඇදහිය නොහැකි ඉනිමක්. අද රාත්‍රියේ ඔහුට පිළිතුරු දෙන්න අපට එතරම් හැකියාවක් තිබුණේ නැහැ, ”ඔහු පැවසීය.
සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ලැබු පෙර පරාජය ඇතුළුව අඛණ්ඩ පරාජයන් හේතුවෙන් ඕස්ට්‍රේලියාව සංකීර්ණ තැනක සිටී.
කෙසේවෙතත්, කණ්ඩායමේ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම අවසන් වී නැති බව මාෂ් පැවසීය.
“මම හිතන්නේ තවමත් අපට තාක්ෂණිකව කළ හැකියි. තවමත් අවස්ථාවක් තිබෙනවා, දැනට ඒක අපගේ පාලනයෙන් තොරයි, ඒ නිසා අපි බලාගෙන ඉන්නවා.” යැයි ඔහු පැවසීය.
ඔස්ට්‍රේලියාව අයර්ලන්ත-සිම්බාබ්වේ තරගය සමීපව නිරීක්ෂණය කරනු ඇත.
එය ඔවුන්ගේ ඉරණම තීරණය කළ හැකිය.
ශ්‍රී ලංකාවේ හඹා යෑමේදී පින්න සැළකිව යුතු ලෙස තත්ත්වය වෙනස් කළ බවට යෝජනා ද මාෂ් ප්‍රතික්ෂේප කළේය.
“මම හිතන්නේ නැහැ එච්චර පිනි වැටුණා කියලා. මේ තත්ත්වයන් යටතේ සබඳතාව ඇදහිය නොහැකි තරම් වැදගත්. අපේ ආරම්භක සබඳතාව ඇරෙන්න අපට තවත් ශක්තිමත් සබඳතාවක් ගොඩනගා ගැනීමට නොහැකි වුණා,” ඔහු පැවසීය.
ඕස්ට්‍රේලියාවේ සුපිරි 8 බලාපොරොත්තු අනෙකුත් ප්‍රතිඵල මත රඳා පවතින අතර, ශ්‍රී ලංකාව ඉහළ කාර්ය සාධනයක් සමඟින් සුපිරි 8 අදියරට සුදුසුකම් ලබා ඇත.




