
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට හෙට (20දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා පෙනීසිටින්නැයි දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (18දා) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහාය.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිය වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්රදානෝත්සවය සඳහා ලන්ඩනය වෙත යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ.
මෙම සංචාරයෙන් රජයට රුපියල් කෝටි එකහමාරකට අධික පාඩුවක් සිදුකළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.




