
අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවන වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයෙකු මොනරාගල, හුළංදාව ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මොනරාගල, පොලීසිය මගින් සිදුකළ විශේෂ විමර්ශනයකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව, අත්අඩංගුවට ගත් මෙම සැකකරු මේ වනවිට පොලීසියේ රඳවාගෙන වැඩිදුර ප්රශ්නකිරීමේ කටයුතු සිදුකරමින් සිටින බව වාර්තා වෙයි.
මෙම සැකකරු අකුරේගොඩ ද්විත්ව ඝාතනයට සම්බන්ධ දෙවන වෙඩික්කරුද යන්න පිළිබඳව මුහුණු හඳුනාගැනීමේ අවේක්ෂණ පද්ධතිය ඔස්සේ වැඩිදුර විමර්ශන ක්රියාත්මක කරයි.
මේ අතර මෙම ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් තවත් වෙඩික්කරුවෙකු අම්බලන්ගොඩ ප්රදේශයේ දී පසුගියදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 90ක රැඳවුම් නියෝග ලබා ගෙන තිබේ.




