
හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සහ යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් ඉරානය විසින් පකිස්ථාන මැදිහත්කරුවන් හරහා අමෙරිකාව එක්සත් ජනපදයට නව යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අමෙරිකාව විසින් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද සඳහන්.
මේ වන විට ඉරාන – අමෙරිකානු යුද ගැටුමද වඩාත් තීරණාත්මක අවස්ථාවට එලඹ තිබේ.
ඒ පාකිස්තානයේ පැවැත්වීමට නියමිතව පැවති සාම සාකච්ඡා අවලංගු වීම හේතුවෙනි.
ඊට සමගාමීව ලෝක වෙළෙඳපොළ ඉන්ධන මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගිය අතර, ආසියානු බ්‍රෙන්ට් වෙළෙඳපොළ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ ඩොලර් 106.5ක් ලෙසය.




