
මැයි මස පළමුවැනිදාට යෙදී තිබෙන වෙසක් පොහොය දිනය ආණ්ඩුවේ දේශපාලන වුවමනාවන් මත වෙනස් කර ඇති බව කෝට්ටේ, ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අග්ගමහා පණ්ඩිත මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් ප්‍රකාශ කරයි.

ඒ අනුව ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ මැයි දින සැමරීම වෙනුවෙන් වෙසක් පොහෝ දිනය වෙනස් කර ඇති බවයි.
එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් උන්වහන්සේ ජනතාවට පවසා සිටියේ,
“මැයි 1 දාට යෙදී තිබුණු වෙසක් පොහොය මැයි 30ට කල් දැමීමට රහය විසින් යම් කිසි උත්සාහයක යෙදී තිබෙනවා. ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේවා මහානායක හිමිවරුන්ටත් පැහැදිලි කරලා ඇතැම් හාමුදුරුවන්ටත් පැහැදිලි කරලා මේක මේ වෙනස් කරල තියෙන්නේ. ඒ වෙනස් කිරීම තුළ බරපතළ ගැටලුවක් ඇතිවී තිබෙනවා. හැමදාම වෙසක් පෝය ඇතුළු සියලු පෝය දින තීරණය කරන පෝය කමිටුව මින් ඉදිරියට පිළිගන්නේ නැද්ද? පෝය කමිටුව විසින් කළ මේ වටිනා මෙහෙවර අද හෑල්ලුවකට ලක් වෙලා තියෙනවා. මට පේනවා මේ සියල්ලම තුළ දේශපාලන න්‍යායක් තියෙනවා කියලා. මම උපකල්පනය කරනවා මැයි පළවෙනිදා මැයි පෙළපාලි කරගෙන යාම පිණිස අපේ වටිනා තෙමගුල සිදුවුණු වෙසක් දවස කල් දාලා වෙනත් දවසකට තල්ලු කරලා තියෙනවා කියන එක මට දැන් තහවුරු වෙලා තියෙනවා. මම කියනවා මේ කාරණය. වෙසක් දිනය පළවෙනිදා සමරන්න. අපේ බෞද්ධ ජනතාවට ඉතා හොඳින් ඒ දවස නිදහස ලැබිලා තියෙනවා. එනිසා වෙසක් පෝය කියන එක ආණ්ඩුවෙන් කරන එකක් නෙමෙයි ආණ්ඩුවට අඳාළ දෙයක් නෙවෙයි. ඒනිසා මේ මැයි පළවෙනිදාට යෙදී තියෙන නියම වෙසක් පෝය දවසේ ප්‍රතිපත්ති පූජාවල යෙදෙන්න….ඊට අමතරව ඊළඟ පෝය දවසේ මැයි 30 වන දින ඔය රජය කියන විදිහට උත්සව කරන්න. වෙසක් උත්සව, දන්සල්, තොරණ ඒ ඔක්කොම කරන්න. එක වඩාත් හොඳයි ඒක අපිට ලැබිල තියෙන වැදගත් අවස්ථාවක්. ඒ අවස්ථාවෙනුත් ප්‍රයෝජන අරගෙන පෝය දෙකක් සේ සලකන්න හැබැයි ඒ පෝය අධි පොසොන් පෝය හැටියට තමයි සටහන් වෙන්නේ”




