
රාජාංගනේ සද්ධාරතන නම් චීවරධාරියා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන්ට සමාජ මාධ්‍ය හරහා තර්ජනය කිරීමේ චෝදනාවක් මත මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
මෙම චීවරධාරියා සංඝභාවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභාව පසුගිය වසරේ කටයුතු යොදා තිබුණි.
යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රකාශ පිළිබඳ සිදුකළ සොයාබැලීමකින් අනතුරුව අදාළ තීරණය ගනු ලැබූ බව සඳහන් විය.




