
තමිල්නාඩුවේ මහඇමති ලෙස ජෝෂප් විජේ හෙට (10) දිවුරුම්දීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඒ අනුව ඔහු පස්වරු 03.15ට නේරු ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී දිවුරුම් දෙනු ඇත.
පසුගියදා පැවති මැතිවරණයෙන් ආසන 108 දිනාගත් විජේගේ නායකත්වයෙන් යුත් තමිලග වෙට්ට්‍රි කළගම් පක්ෂයට ප්‍රාන්ත ආණ්ඩුව පිහිටුවීමට තවත් මන්ත්‍රීවරුන් 10 දෙනෙකුගේ සහාය අවශ්‍යව තිබුණි.
ඒ අනුව ඉන්දීය කොංග්‍රසයේ සහ වාමාංශික පක්ෂවල සහාය ඇතිව මේ වනවිට විජේට පක්ෂපාතී සමස්ත මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 120ක් වේ.
මේ බව තමිල්නාඩු ආණ්ඩුකාරවරයා වෙත දැන්වීමෙන් අනතුරුව දිවුරුම්දීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
තලපති විජේ සමඟ මන්ත්‍රීවරුන් නව දෙනෙක් අමාත්‍යධුරවල දිවුරුම්දීමට නියමිතය.




