
දිට්වා සුළි කුණාටුවෙන් පසු ජනතාව සිය නිවසට වතුර නොගැලීම ගැන දුක් වූ බවත් ඉතිහාසයේ කිසිදු ස්වභාවික ආපදාවකදී එවැනි තත්ත්වයක් මතුව නැති බවත් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම පවසයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
“විපක්ෂය හිනාවෙවි ඇහුවානේ තහඩුවක් ගියත් ලක්ෂ දහයක් දුන්නද කියලා. මගේ ළඟ තියෙන සංඛ්‍යා දත්ත මම ඉදිරිපත් කරන්නම්.
ලංකා ඉතිහාසයේ දිට්වා සුළි කුණාටුව තමයි ආපු එකම විපත, ස්වභාවික විපතකට පස්සේ අපේ ගම්වල ජනතාව දුකට පත්වුණා, ආපදාවට තමන් ලක්නොවීම පිළිබඳව. ගෙදරට වතුර දැම්මේ නෑනේ කියලා දුක්වුණා.
හේතුව අසල්වැසියාගේ ගෙදරට වතුර දැම්මාම රු. 25 000යි. ගෘහ උපකරණ ලබා ගන්න රු. 50 000යි දෙනකොට ඒ තත්ත්වය ඇති වුණා.”
සිරස නාලිකාවේ දේශපාලන සාකච්ඡාවකට එකතු වෙමින් රුවන් මාපලගම මේ බව කීය.




