
වාහන ආනයනය මත 50%ක අධිභාරයක් පැනවීමට පෙර 15 වෙනි දින වාහන 4000ක් සඳහා ණයවර ලිපි නිකුත් කර ඇති බවට විපක්ෂය ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන් අසත්‍ය බව අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
එම දිනයේ ණයවර ලිපි නිකුත් කර ඇත්තේ වාහන 1782ක් සඳහා පමණක් බවද ඇමතිවරයා අවධාරණය කරයි.
විපක්ෂය වගකීම් විරහිතව සිදුකරන පදනමක් නොමැති ප්‍රකාශ ජනතාව පිළිගත යුතු නැති බවත් ඒ්වා හෙට වන විට අසත්‍ය බව තහවුරු වන බවත් ඇමති අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.




