
තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා සහ තවත් සැකකරුවෙකු ඇප මත මුදාහැර තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
එක් අයෙකුට රු. ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට කඩුවෙල මහෙස්ත්රාත් අධිකරණය නියෝග කර ඇත.
ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්රි විමල් වීරවංශ මහතා අද (25) උදෑසන ප්රකාශයක් ලබාදීම සඳහා තලංගම පොලිසියට පැමිණියේය.
ඒ, මැයි 18 වැනිදා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අබියස රාජ්ය නිලධාරීන් සමඟ ඇතිවූ නොසන්සුන් තත්ත්වයට අදාළවය.
ප්රකාශය ලබාදීමෙන් පසුව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා තලංගම පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.




