
ලෝක වෙළඳපලේ ඉන්ධන මිල අඩුවීම සැලකිල්ලට ගනිමින් පාකිස්තාන රජය ඉන්ධන මිල අඩු කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව පෙට්රල් ලීටරයක මිල පාකිස්තාන රුපියල් 299ක් දක්වා රුපියල් 74කින් සහ ඩීසල් ලීටරයක මිල පාකිස්තාන රුපියල් 311ක් දක්වා රුපියල් 67කින් මිල පහල දමන බව පාකිස්තාන අග්රාමාත්ය ශෙබාස් ශරීෆ් ප්රකාශ කර ඇත.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
පසුගිය පෙබරවාරි මාසයේ ඉරාන අමෙරිකා ගැටුම් ආරම්භ වීමත් සමඟ ඉන්ධන සැපයුමට එල්ල වූ බාධා සැලකිල්ලට ගනිමින් රට තුළ ඉන්ධන මිල ඉහළ දැමීමට පාකිස්තාන රජය පියවර ගෙන තිබුණි.
පාකිස්තාන අග්රාමාත්යවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකාව සහ ඉරානය ගිවිසුමකට එළඹීමත් සමඟ ලෝක වෙළඳපලේ ඉන්ධන දිගින් දිගටම අඩුවීම සැලකිල්ලට ගනිමින් එහි පූර්ණ ප්රතිලාභය පාරිභෝගික ජනතාවට ලබාදෙන බවය.




