
අන්තර්ජාලය ඔස්සේ ඔට්ටු ඇල්ලීමේ ක්‍රීඩාව සඳහා ඉදිරියේදී බදු අය කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ.
නියාමනය කිරීමෙන් අනතුරු එම බදු පැනවීම සිදු කිරීමට නියමිත බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සඳහන් කර තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මෙරට සූදු ව්‍යාපාරය නියාමනය කිරීම සඳහා පසුගිය වසරේ ඊට අදාළ පනත හඳුන්වා දුන් අතර ඒ අනුව නියාමන අධිකාරිය පිහිටුවා නීති රෙගුලාසි හඳුන්වාදීමට නියමිතව තිබේ.
මේ වන විට රට තුළ පවතින බදු අය කිරීම සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ප්‍රකාශයක් සිදුකරමින් චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
මේ අතර, ඉදිරියේදී අත්‍යාවශ්‍ය භාණ්ඩවල වක්‍ර බදු අඩු කිරීමට රජය පියවර ගන්නා බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.




