
මාර්ගවල අපරික්ෂාකාරී ලෙස රථවාහන පදවනු ලබන රියැදුරන්ට ස්ථානීය දඩ පත්‍රිකා ලබාදීමකින් තොරව, ඔවුන්ට එරෙහිව සෘජුවම අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලුම පොලිස් රථවාහන නිලධාරීන්ට උපදෙස් දී ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පවසයි.

ඊට අමතරව එම කාලසීමාව තුළ බරපතළ තුවාල සිදු වූ අනතුරු 2,512ක් සහ සුළු අනතුරු 5,059ක් ද වාර්තා වී තිබේ.
මෙම අනතුරුවලින් පදිකයින් 467දෙනෙකු සහ යතුරුපැදිකරුවන් 465දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ද සඳහන්.
නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේ මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන්ම රියැදුරන්ගේ අධික වේගය සහ නොසැලකිලිමත් ධාවන රටාවන් බලපා ඇති බවය.
එමෙන්ම පසුගිය පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ දෙකක සිදුවූ බස් රථ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 80කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබේ.
60ට ආසන්න මගීන් සංඛ්‍යාවක් රැගෙන කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් අද (27) අලුයම 1.10ට පමණ අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබුණේ දියතලාව දුම්රිය ස්ථානය අසල මාර්ගයේදීය.
බස් රථයේ තිරිංග ක්‍රියාවිරහිත වීම ඊට හේතුව බව පොලිසිය සැක පළකරයි.
අනතුරින් බස් රථයේ රියැදුරා, කොන්දොස්තරවරයා ඇතුළු 42දෙනෙකු තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කෙරුණු අතර, ඉන් 6දෙනෙකු කාන්තාවන් වේ.
දියතලාව මූලික රෝහලේ වැඩබලන රෝහල් අධිකාරීවරයා ප්‍රකාශ කළේ, බරපතළ තත්ත්වයේ පසුවූ එක් අයෙකු බදුල්ල රෝහලට මාරුකර යැවූ බවය.
එමෙන්ම මාතර – තලල්ල මාර්ගයේ වජිරවංශ මාවත ප්‍රදේශයේදී ද ඊයේ පෞද්ගලික බස් රථ 2ක් මුහුණට මුහුණ ගැටීමෙන් 40කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගත කෙරිණි.




