
ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් සැකකාර චරිත් අබේසිංහ බන්ධනාගාර නිලධාරීන් විසින් නැවත බන්ධනාගාරයට රැගෙන ගොස් තිබෙනවා.
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ‘හරක් කටා’ නමැත්තාගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නීතිඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තුන් දෙනෙකුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ පෙරවරුවේ ඇප නියම කර තිබුණා.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
රඛිත රාජපක්ෂ හා අනෙක් සැකකරු ඇප කොන්දේසි සපුරාලීම හේතුවෙන් ඔවුන් බන්ධනාගාර භාරයෙන් මුදා හැරීමට නියෝග කළ බවයි දැක්වෙන්නේ.
එහෙත්, චරිත් අබේසිංහට ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් ඔහු යළිත් බන්ධනාගාර භාරයට පත් කර තිබෙනවා.




