
පොදු ප්රවාහන සේවාව වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක තලයකට ඔසවා තැබීමේ අරමුණින් මෙරටට ආනයනය කරන ලද නවතම ‘මෙට්රෝ’ බස් රථ 104ක් අද (29) දින මෙරටට ළඟා වී තිබේ.
මෙම බස් රථ තොගය චීනයේ ප්රමුඛ පෙළේ වාහන නිෂ්පාදන සමාගමක් වන Foton International Corporation වෙතින් ආනයනය කර ඇත.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මෙරට පොදු ප්රවාහන ක්ෂේත්රයේ ගුණාත්මක වෙනසක් ඇති කිරීම වෙනුවෙන් මෙම නව මෙට්රෝ බස් රථ ආනයනය කිරීමට අදාළ නිල ගිවිසුම ඉකුත් මැයි මාසයේදී අත්සන් තබා තිබුණි.
එම ගිවිසුම් ප්රකාරව මෙම බස් රථ 104 දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇත.




