
2026, යුරෝපීය මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගැනීමට ජර්මනියේ ජුලියන් වෙබර් සමත්විය.
එහිදී ඔහු වාර්තා කළ දුර ප්‍රමාණය මීටර් 90.40කි.
යුරෝපීය මලල ක්‍රීඩා ශූරතාවලි ඉතිහාසයේ හෙල්ල විසි කිරීම ඉසව්වක මීටර 90කට වැඩි දුරක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මීට පෙර මහා බ්‍රිතාන්‍යයේ ස්ටීව් බැක්ලි මීටර් 89.72ක දුරක් වාර්තා කරමින් 1998 වසරේදී රන් පදක්කමක් දිනාගත්තේය.
ඒ අනුව ජුලියන් වෙබර් මෙවර බිඳ හෙළනු ලැබූවේ වසර 28ක් පැරණි වාර්තාවකි.
ඔහුගේ මෙම මීටර් 90.40ක දක්ෂතාවය මේ වසරේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයෙකු වාර්තා කළ දෙවැනි හොඳම දක්ෂතාව වේ.
එය දෙවැනි වන්නේ ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග වාර්තා කළ මීටර් 92.62ක දක්ෂතාවට පමණය.




