
දිවයිනට බලපා ඇති එල්නිනෝ තත්ත්වය හමුවේ එළැඹෙන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ඇතැම් විට ගංවතුර තත්ත්වයක් වුවත් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්, අජිත් විජේමාන්න මහතා පවසා සිටියේ, එම කාලසීමාව තුළ දී සාමාන්‍ය වර්ෂාපතනය ඉක්මවා තද වැසි ඇති විය හැකි බවය.
ඉදිරි මාස හය සම්බන්ධයෙන් සිදුකළ දත්ත විශ්ලේෂණයේ දී මේ බව අනාවරණය වී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
පවතින කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වූ ඒ මහතා,
“සාමාන්‍ය අවුරුද්දෙන් 30%ක් මේ මාස දෙකේ වහිනවා.එතකොට ඒක තවත් වැඩි වුණාම ලොකු වැස්සක් වැව් පිරිලා සමහරවිට ගංවතුර වුණත් ඇති වෙන්න ඉඩකඩක් තියෙනවා. ඔත්තෝබර් නොවැම්බර් මාස වන විට ලංකාව පුරාම වැස්ස ව්‍යාප්ත වෙනවා. තද වැසි තියෙන්න පුළුවන්. ගංවතුරක් එනවාම කියන්නේ නෑ. කෝකටත් අපි සූදානම් වෙන්න ඕනි. එන්න ඉඩකඩකුත් තියෙනවා”
මේ අතර, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි යන කාලවකවානුවේදී එල්නිනො තත්ත්වය දැඩි ලෙස බලපාන බවද ඒ මහතා පැවසීය.




