
වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතා උතුම් බුද්ධිමත් නායකයෙක් බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසයි.
පසුගියදා වෘත්තීය සංගමයක් සමඟ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා අවධානම කියන ප්‍රකාශය පදනම් කරගෙන සිදුකළ විග්‍රහයෙන් එම උතුම් නායකයාගේ බුද්ධිය පැහැදිලි වන බවද නි. ඇමතිවරයා අවධාරණය කරයි.
මෙවැනි ගැඹුරු බුද්ධියකින් සහ අවබෝධයකින් යුතුව කතා කරන නායකයෙකු මීට පෙර දැකගත නොහැකි වූ බව ඔහු ප්‍රකාශ කරයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මෙවැනි බුද්ධිමත් නායකත්වයක් රටට ලැබීම පිළිබඳව සමස්ත ජනතාවම සතුටු විය යුතු බව ප්‍රකාශ කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ජනාධිපතිවරයාගේ එම බුද්ධිමය රටේ ඉදිරි ගමනට මහත් ශක්තියක් වන බවද වැඩිදුරටත් සඳහන් කළේය.
ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.




