
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාරයේ සිටින මෙරට ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් නමැත්තා සමග සමීප සබඳතා පවත්වමින් රුපියල් කෝටි ගණනින් මුදල් සහ තවත් විවිධ වරප්‍රසාද ලබාගත් බව කියන ප්‍රබල දේශපාලනඥයන් දසදෙනකුගෙන් ඉදිරියේදී ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.
ශිරාන් බාසික් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත මෙම ප්‍රබල දේශපාලනඥයන්ගෙන් මෙසේ ප්‍රශ්න කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කටයුතු කරමින් සිටියි.

මෙසේ ප්‍රශ්න කිරීමට නියමිතව ඇති දේශපාලනඥයන් අතර හිටපු අමාත්‍යවරියන් දෙදෙනකු, අමාත්‍යවරුන් දෙදෙනකු, වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ඇතුළු ප්‍රසිද්ධ දේශපාලනඥයන් කීපදෙනකු ද සිටින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම දේශපාලනඥයන් දසදෙනාටම මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී වරින් වර ශිරාන් බාසික් විසින් විශාල මුදල් ප්‍රමාණයක් ලබාදී ඇති බව අනාවරණය වී තිබේ.
එමෙන්ම පසුගිය රජයක සිටි ප්‍රබල අමාත්‍යවරයකු ශිරාන් බාසික්ට අනවසර ඉඩම් ගොඩකර මහල් නිවාස සහ හෝටල් ඉදිකිරීමට අවශ්‍ය සියලු පහසුකම් ලබාදී ඇති බවද අනාවරණය වී ඇත.
එම කටයුතු වෙනුවෙන් හිටපු අමාත්‍යවරයා ශිරාන් බාසික්ගෙන් විශාල මුදල් ප්‍රමාණයක් වරින් වර ලබාගෙන ඇති බවද වාර්තා වෙයි.
ශිරාන් බාසික් දීර්ඝ කාලයක සිට මෙම දේශපාලනඥයන් වෙනුවෙන් අත දිග හැර මුදල් වියදම් කර ඇති බවද මේ වනවිට හෙළිදරව් වී ඇත.
මේ සම්බන්ධවෙයන් කළ විමසීමකදී පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා කියා සිටියේ, ශිරාන් බාසික්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවන තොරතුරු මත එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමග සබඳතා පවත්වමින් මුදල් සහ නොයෙකුත් වරප්‍රසාද ලබාගත් සියලුම දේශපාලනඥයන්ගෙන් ප්‍රශ්න කිරීමට කටයුතු කරන බවයි.
මේ වනවිට රැඳවුම් භාරයේ සිටින ශිරාන් බාසික්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් කරගෙන යන අතර ඔහුට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා දේපළ පිළිබඳව පුළුල් විමර්ශන ක්‍රියාත්මක කරගෙන යන බවද පොලිස් ආරංචි මාර්ග කියා සිටියි.
පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.




